පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු අවධානමක් අඟවමින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.
ගම්පහ අත්තනගල්ල, ගාල්ල නෙළුව, මහනුවර උඩුනුවර, කෑගල්ල යටියන්තොට, රඹුක්කන හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පල්ලේපොල සහ අඹන්ගඟ කොරලය මෙන්ම මොණරාගල, මැදගම ප්‍රදේශ නායයාමේ අනතුරක ඇතැයි දැනුම් දී ඇත.