/ Nov 16, 2026

ආනන්ද පාලිත අත්අඩංගුවට!

ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමක් සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

සැකකරුගෙන් පැය හතකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර හෙට (17) දින ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top