කෙහෙල්බද්දර පද්මේ විසින් යුරෝපීය රටකට යැවීමේ පොරොන්දුව මත තමන් පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව හට වෙඩි තැබීමේ සැලැස්ම ක්‍රියාත්මක කළ බව ඉෂාරා සෙව්වන්දි විමර්ශන වලදී පවසා ඇත.
ජේ.කේ. භායි නම් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 65 ක් ලබා දී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර ඉෂාරා යුරෝපයට යැවීමට සඳහා සැලසුම් කර තිබූ බව අනාවරණය වී තිබේ.
ඝාතනය සඳහා පද්මේගෙන් තමාට කිසිදු මුදලක් නොලැබුණු බවත් ඇය නේපාලයේ රැඳී සිටියදී සෑම මසකම ඔහු මුදල් එවූ බව ඉෂාරා පවසා තිබූ අතර ඇයගේ එකම බලාපොරොත්තුව වූයේ යුරෝප රටකට යාම බවත් ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත.
ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් 6 දෙනා දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම මේ වනවිට සිදුවේ.





