/ Nov 13, 2025

කාලගුණයෙන් රතු නිවේදන:අවදානම් කලාප හතක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත් එය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින බවත් එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන අතර ඉදිරි නිවේදන පිළිබඳ අවදානයෙන් පසුවෙන ලෙස ද ජනතාවට දැනුම්දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top