/ Nov 13, 2025

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID වෙත!

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, සෙසු සැකකරුවන් හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් කැකිරාව ප්‍රදේශයේදී (26) අළුයම දී අත්අඩංගුවට ගැනුණු අතර වෙඩික්කරු ලෙස සැලකෙන ප්‍රධාන සැකකරුද ඊයේ රාත්‍රියේ මහරගමදී අත්අඩංගුවට ගැනුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව පොලිස් කණ්ඩායම් 4ක් ඔස්සේ විමර්ශන ආරම්භ කෙරුණු බවයි ඒ සම්බන්ධයෙන් පෝල්ස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඝාතනය සිදුවූ දින පැවසුවේ.

මෙම ඝාතනයට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් ආරම්භ කරන ලදී.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, අණදෙන නිලධාරී පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාසය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස මගින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කර තිබුණි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පැවති ගැටුම්කාරී තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ බවට තොරතුරු වාර්තා වූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් තුළ ඉදිරි විමර්ශනවලදී ඒ සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top