/ Dec 08, 2025

JVP මන්ත්‍රීලට ඕනේ නැති වුණාට අපිට ආරක්ෂාව ඕනේ.ආරක්ෂාවක් නැතුව කොහොමද ජනතාව අතරට යන්නේ – SJB මරික්කාර්

මහජන නියෝජිතයෙක් වීමම ජීවිත තර්ජනයක් මතුකරන්නක් වන හෙයින් ආරක්ෂාව සැලසීම අවශ්‍ය කරුණක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුවේය.

ඒ,අද (27) කොළඹදී පැවති සමඟි ජන බලවේගය මාධ්‍ය හමුවේදී ය.

JVP මන්ත්‍රීවරුන්ට නිල නොවන අයුරින් ආරක්ෂකයින් සිටිය හැකි වුවත් නිල වශයෙන් පාර්ලිමේන්තුවේ 225ටම ආරක්ෂාව ලබා දීම ආණ්ඩුවේ වගකීමක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පරණ JVP එකේ ගල්කටස් කණ්ඩායම් ඇතිනේ නිල නොවන මට්ටමින් ගිහින් මේවා කරන්න. මහජන නියෝජිතයෙක් මහජනතාව අතරට යන්න ඕනේ. මහජන නියෝජිතයෙක් වීමම ජීවිත තර්ජනයක් තියෙනවා. මොකද නාමයෝජනා හම්බු නොවිච්ච කට්ටිය ඉන්නවා. තව එක එක ඒවා ඉල්ලලා හම්බු නොවිච්චි අය ඉන්නවා. දේශපාලන තුරන් ඉන්නවා. එක එකපාරට එක එක දේවල් හිතෙන්න පුලුවන්. ඒ නිසා ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක්. JVP මන්ත්‍රීවරුන්ට ඔවුන් යන යන තැන බයිසිකල් කණ්ඩායම් යනවා ඇති නිල නොවන ඇඳුම් දාගෙන. මම කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම ආරක්ෂාව ලබාදෙන්න ඕනේ. ඒ වගේම අනෙකුත් මහජන නියෝජිතයින්ට අවශ්‍ය පරිදි තත්ත්ව වාර්තා අනුව ආරක්ෂාව ලබා දීම සිදුකළ යුතුයි. එහෙම නම් ඉතින් ජනාධිපතිතුමාටත් අඩුකරගන්න පුළුවන්. අගමැතිනියටත් අඩු කරගන්න පුළුවන්. තව තව කට්ටියත් අරන් තියෙනවා ආරක්ෂාව නිල නොවන මට්ටමෙන්.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top