නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පස්වැනි මහලේ හටගත් ගින්න හේතුවෙන් දුම ආග්‍රහණය වීම හේතුවෙන් පුද්ගලයින් 6ක් රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව එය මැඩ පැවැත්වීමට කණ්ඩායම් පහක් යොමු කර ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ 13ක් එම ස්ථානයට යොමුකර තිබේ.
අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා ඇතැයි සඳහන්.





