/ Nov 13, 2025

ඕවා පැය 24 සන්ධාන.එදා වේල ටුවර්ස් වැඩවලට අපි බය නෑ!

විපක්ෂයේ සන්ධාන පවතින්නේ පැය 24ක් බවත් එවැනි එදා වේල ටුවර්ස් වැඩවලට ආණ්ඩුව බය නොවන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

විපක්ෂය එක්ව සාදාගෙන ඇත්තේ දංගෙඩියට යාමෙන් මුදවා ගැනීමේ පෙරමුණ බවයි වටගල මහතා සඳහන් කරන්නේ.

”මට කියන්න අධි චෝදනාවක් නැති, හයිකොට් එකේ නඩුවක් නැති කෙනෙක් එතන ඉන්නවද. ඒ එකතු වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද දංගෙඩියට යාමෙන් මුදවා ගැනීමේ පෙරමුණ. දයාසිරි ජයසේකර කිව්වා කෙළින්ම සිරිකොතේ රැස්වීමක් කැඳවල අපි දැන් අඩුම තරමින් එකතු වෙන්න ඕනා ඒගොල්ලෝ දංගෙඩියට දැක්කා ගෙන යාමේ වැඩෙන් මුදාගන්න කියල. ඒ නිසා ඇටෝර්නි බලපත්‍රයේ ඉඳලා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බඩඉරිඟුවේ ඉඳලා, බෙදා දෙන්න තිබුණ සහනාධාර ටික ගසා කාපු මිනිස්සු නුගේගොඩ රැස්වීමක් කරන්න යනවා. ඒ නිසා අපි බය වෙන්නේ නැහැ. යෝධ පවුරක් ජාතික ජන බලවේගය කියල කියන්නේ. අද වෙනකොට එකම දුෂිත ක්‍රියාවක් අපිට එරෙහිව කියා ගන්න බැරිවෙලා තියෙනවා. ඒගොල්ලෝ නන්දොඩවමින් ඉන්නේ. අපි බය වෙන්නේ නෑ. ඔය කට්ටිය එකතු වුණේ කොළඹ නගර සභා මැතිවරණයේදීනෙ. ඒත් පරදයිනේ. ඊට පස්සේ සිරිකොතට කැදෙව්වා. කෝ ඉස්සුනාද වැඩේ. සමඟි ජන බලවේගය ඇවිල්ලත් නෑ. ඕවා ඉස්සෙන්නේ නෑ. එදා වෙලා ටුවර්ස්. පැය 24යි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top