/ Nov 20, 2026

ක්‍රිෂ් ගණුදෙනුවට ජානකී යළි රිමාන්ඩ්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා සැකකාර ජානකී සිරිවර්ධන ලබන මස 01 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබා දී ඇති බවට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජානකී සිරිවර්ධන වෙත චෝදනා එල්ල කර තිබේ.

එම විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 01 වනදා ඉදිරිපත් කරන ලෙසද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අල්ලස් කොමිසමට නියම කළේය.

තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද එම දිනය වන විටත් බන්ධනාගාරයේ සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top