/ Nov 13, 2025

රනිල්ගේ නඩුව කල් යයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර, එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වේ නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මේ අතර ඉකුත් දිනවල අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශනය කරන ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

එම විමර්ශනවලදී අපහාසයට වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බැලීම, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව ඊළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව ජනවාරි මස 28 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා රුපියල් ලක්ෂ 169 ක මහජන මුදල් ප්‍රමාණයක් අවභාවිතා කිරීම යන චෝදනාව මත පොදු දේපල පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය අගෝස්තු 22 වන දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අතර අනතුරුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

කෙසේවෙතත් මේ වන විට හිටපු ජනාධිපතිවරයා ඇප මත නිදහස්ව සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top