යාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ට නැවත ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාළව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ
ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබේ.
එහිදී ඉඩම් නැවත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන මෙහෙයුම් සහ පරිපාලන බාධක විසඳීම කෙරෙහි මූලික අවධානය යොමු කර ඇති අතර තවමත් හමුදා භාරයේ පවතින පෞද්ගලික ඉඩම් අදාළ හිමිකරුවන් වෙත භාරදීම කඩිනම් කිරීම සඳහා එම හමුදා ඒකක අදියර වශයෙන් ඉවත්කර ගැනීම පිළිබඳව ද කරුණු සමාලෝචනය කර තිබේ.
ඒ අනුව සිවිල් දේපොළවලට වන බලපෑම අවම වන අයුරින් හා අත්‍යවශ්‍ය ආරක්‍ෂක ඒකක තවදුරටත් පවත්වා ගනිමින් ප්‍රදේශයේ අඛණ්ඩ ආරක්‍ෂාව සහතික කිරීම අරමුණු කරගත් නව සීමා මායිම් ස්ථාපනය කිරීම අවසන් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
මෙම ක්‍රියාවලිය විනිවිදභාවයෙන්, සාධාරණත්වයෙන් යුක්ත විය යුතු බවත්, එම ක්‍රියාවලිය ජාතික ආරක්‍ෂාව සම්බන්ධව සම්පූර්ණයෙන්ම සමපාත විය යුතු බවත් මෙහිදී අවධාරණය කර ඇත.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියාකොන්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සහ පරිපාලන නිලධාරීන් පිරිසක් මෙම සාකච්ජාව හා සම්බන්ධ වී සිටි බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.





