/ Nov 13, 2025

රජරට වි.විද්‍යාල ආචාර්ය වර්ජනය දැඩි වෙන ලකුණු!

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පසුගියදා ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කිරීමට තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයා පත්කර ගැනීමේ ක්‍රියාවලිය ගැටළු සහගත වීම හේතුවෙන් එයට විරෝධය දක්වමින් සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.

එලෙස ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය, වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිතුමියගේ අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට ප්‍රතිචාර වශයෙන්, අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කරන බවයි රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය සඳහන් කරන්නේ.

වත්මන් වැඩ බලන උපකුලපතිවරයා සහ ලේඛකාධිකාරීවරිය ඉතාමත් අත්තනෝමතික අයුරින්, විශ්වවිද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා මේ වන විට අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ කර ඇති බව එම සංගමය පවසයි.

මෙම අත්තනෝමතික සහ අනීතික පරිපාලන ක්‍රියාවලිය ඇතුළු පසුගිය මාස කීපය තුළ සිදුවුන විවිධ දේශපාලන අතපෙවීම් පිටුපස වැඩබලන උපකුලපතිවරයා සිටින බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෝදනා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top