/ Nov 17, 2025

අපිට නැකත් බලන්න දෙයක් නැහැ. ජනතාව වෙනුවෙන් 21 අපි එනවා – නාමල්

මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න යටගහන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයකට රට ඇදගෙන යන උත්සාහයට විපක්ෂයේ බලවේගයක් නිර්මාණය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

විපක්ෂයේ සිටියද ඇතැමුන්ට තමන් දරන මතය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් නැති නමුත් 21 ජනතාව වෙනුවෙන් එන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

”2015 යහපාලන ආණ්ඩුව වෙලාවේ අපි ඒකාබද්ධ විපක්ෂය ලෙස 34 දෙනයි හිටියේ. එදා විපක්ෂ නායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා දෙන්නම ඒ කියන්නේ JVP එකයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙන්නම ආණ්ඩුව එක්ක හිටියේ. හැබැයි විපක්ෂයේ රාජකාරිය අපි ඉෂ්ට කළා. මේ රටේ දේශපාලනික වශයෙන් සැබෑ විපක්ෂය නියෝජනය කරන බලවේග අද ඒකරාශී වෙමින් පවතිනවා ඒ වගේම අපි දන්නවා සමහර අයට විපක්ෂයේ හිටියත් තමාගේ විශ්වාසය මතය දරන්න හැකියාවක් නැහැ. නොයෙක නොයෙක් හේතු කාරණා මත. අපි ඒවා තේරුම් ගත්ත දේශපාලන බලවේගයක්. අනිත් අය තමාගේ කාලය නැකත එනකම් බලන් ඉන්නවා වෙනුවට මම හිතනවා ජනතාවට අවශ්‍ය වෙලාවට ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ජනතාවාදී දේශපාලන බලවේගය ගොඩනගමින් ඉන්නවා.” යනුවෙන් හෙතෙම තවදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top