/ Nov 13, 2025

කුඩු, පාතාලය මෙහෙම අල්ලනවා කියල ජන්දෙට කලින් කීවේ නැහැනේ – පොහොට්ටු ලේකම්

ජනාධිපතිවරණයට පෙර පාතාලය සහ මත්කුඩු මෙලෙස මර්දනයක කරන බවක් එදා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (03) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මත කුඩු සහ පාතාලය හැම කාලයකදීම පැවතියද අද තරම් එය ප්‍රශ්නයක්ව නොතිබුණ බව ඔහු ප්‍රකාශ කළේය.

”ජන්දෙට කලින් අපි දැක්කේ නෑ අපි ඔබතුමා ඒ වගේ බොහොම තදට, සැරට ලංකාවේ තිබුච්ච මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් ගැන හරි පාතාලය ප්‍රශ්නයක් ගැන හරි කතා කරනවා. එකට හේතුවක් තිබුණා . ඒ තමයි 2005- 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ අපි දන්නවා මේ රටේ පාතාලයට සහ මත් ද්‍රව්‍යවලට එරෙහිව විශාල සටනක් සිදුකරපු කාලයක්. ඒ කාලේ තමයි ඔය හුඟක් දෙනෙක්, පාතාල නායකයෝ ඒවගේම මත්ද්‍රව්‍ය ගෙන්වන නායකයෝ රට අතහැරලා පැනල ගිහිල්ලා වෙන රටවල් හැංගිලා ඉදන් තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවන්න පටන් ගත්තේ. ඒ කාලයේ නම් අපිට මතකයි අනුර කුමාර දිසානායක සහෝදරයා ඒ අත්අඩංගුවට පත්වෙන පුද්ගලයින්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කළා. පහුගිය රජය යටතේ යුක්තිය කියන නමින් මෙහෙයුමක් දියත්කරලා ඒත් ඔය පාතාලය සහ මත් කුඩු මැඩලන්න මහා විශාල මෙහෙයුම් වගයක් කළා. මත් කුඩු අහුවීම සහ පාතාලය මැඩලීම කියන කාරණය එදා ඉඳන්ම මේ රටේ සිදුවෙමින් තිබුණ දෙයක්. 2015 වෙනකොට ඉතාම සාර්ථක ආකාරයෙන් මැඩලගෙන ගිය පාතාලය 2019 ගෝඨාභය රජපක්ෂ මැතිතුගේ රජයත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයත් නැවත මත් කුඩු හා පාතාලය මර්දනයට ලක්කළා. මේ මත් කුඩු සහ පාතාලය කියන එක අද තියෙන තරම් දැඩි ප්‍රශ්නයකට සමාජ ව්‍යසනයකට ඒ කලේ පත් වෙලා තිබුණේ නැහැ. ඒකට තියෙන හොඳම සාක්ෂිය තමයි ජනාධිපතිතුමාගේ ඔය කියන දේශපාලන රැස්වීම්වල, ජනාධිපතිවරණයට කලින් තිබුණ රැස්වීම්වල කවදාවත් මේ පාතාලය මැඩීම සහ මත්කුඩු මර්දනය කියන කාරණා සම්බන්ධයෙන් ලොකු බරක් දීලා කතා කළේ නැහැ.” යනුවෙන් පොහොට්ටු ලේකම්වරයා තවදුරටත් සඳහන් කරන ලදී.

1 thought on “කුඩු, පාතාලය මෙහෙම අල්ලනවා කියල ජන්දෙට කලින් කීවේ නැහැනේ – පොහොට්ටු ලේකම්”

  1. ඒක උපක්‍රමයක් වියහැකියි. මැතිවරනයට කලින් ප්‍රකාශකලානම් බාගයක්ම එතුමාට ්‍රචන්දය නොදෙන්න ඉඩ තිබුනා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top