2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය දීර්ඝ ලෙස පැවැත්වුණු අතර පසුගිය අගෝස්තු 24 වනදා සාක්ෂි විමසීමේ කටයුතු අවසන් විය.
නීතිපතිවරයා විසින් ගොනුකරන ලද මෙම නඩුවට අදාළව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකුගෙන සාක්ෂි ලබාගෙන ඇත.
සියලු සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව, සැප්තැම්බර් 22 වනදා නඩුවේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාක්ෂි විභාගය අවසානයේ නිවේදනය කරන ලදී.






