/ Nov 13, 2025

රාජ්‍ය සේවයට තවත් 60000ක්!

රාජ්‍ය සේවය සඳහා 60000ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න පවසයි.

පුරප්පාඩු පිරවීම පිණිස අයවැයෙන් 30000ක් බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බව පැවසූ ඇමැතිවරයා එහි පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරි සේවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා මෙලෙස බඳවා ගැනීම් කෙරෙන බව පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top