රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමඟ, අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු කලක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවට අනාවරණය වී තිබේ.
ඔහුගේ පුත්‍රයාද මීට මාසයකට පමණ ඉහත දී මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.
මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඒ අනුව ඔහු විසින් එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වල දමා සඟවා තබන ලද හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන තිබෙන විදුහල්පතිවරයාගේ බිරිද, පෑලියගොඩ නගරසභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක් බව සඳහන්.
මේ අතර හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිය නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සඳහා පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාකරමින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරයාගේ සහෝදරයාව හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී ඔහුව බැලීමට පැමිණි අදාළ මන්ත්‍රීවරයා කළහකාරී ලෙස හැසිරෙමින් සිය සහෝදරයාව මුදාහරින ලෙස බලපෑම් කරමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැනවැදී තර්ජනය කර ඇති බව සඳහන්.
අනතුරුව මන්ත්‍රීවරයා ද අත්අඩංගුවට ගෙන තිබුණු අතර හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.





