/ Sep 08, 2026

විශ්ව විද්‍යාල ආචාර්යවරු වැඩවර්ජනයක් කැඳවයි!

විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතල අර්බුද සම්බන්ධයෙන් සිය සංගමය පසුගිය සතිය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹුන බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හිඟය මෙන්ම සුදුසු ආචාර්යවරු නොමැති වීම බරපතල ගැටලුවක් බවද පැවසු ඔහු මේ වනවිට‌ 2025 උසස් පෙළට පෙනී සිටි සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත බඳවාගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවද පැවසීය.

ජනාධිපතිවරයා රාජ්‍ය විශ්වවිද්‍යාල 50ක් අලුතින් ඇති කරන බව පැවසුවද අලුතින් ඇති කිරීමට පෙර පවතින විශ්වවිද්‍යාල 17හි ගුණාත්මක බව රඳවා ගැනීම ඉතා වැදගත් බවද ඔහු කියාසිටියි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම සම්මේලනය බලාසිටින බවත් මේ සඳහා ස්ථීර විසඳුමක් අවශ්‍ය බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top