/ Nov 13, 2025

රථ වාහන සඳහා වන ලීසිං පහසුකම් අනුපාතවල වෙනසක්!

රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස සංශෝධනය කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණු අතර කෙසේ වෙතත් පසුගිය ජූලි මාසයේදී කාණ්ඩ 4ක් යටතේ ලීසිං පහසුකම් සඳහා ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබූ අතර එය කාණ්ඩ දෙකක් යටතේ පමණක් ඉදිරිපත් කර තිබේ.

එහිදී එක් කාණ්ඩයක් වාණිජ වාහන ලෙසත් අනෙක් කාණ්ඩය මෝටර් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන ලෙස වෙන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top