/ Nov 13, 2025

හෙරොයින් එක්ක අත්අඩංගුවට ගත් එප්පාවල විදුහල්පති රිමාන්ඩ්

පසුගියදා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක විදුහල්පතිවරයා අද(12) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු එළඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී වයස අවුරුදු 30ක තරුණයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගෙන් ලැබුණු තොරතුරකට අනුව සැකකාර විදුහල්පතිවරයා එප්පාවල ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වලදමා තිබු හෙරොයින් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 185ක ප්‍රමාණයකුත් සමගඅත්අඩංගුවට ගෙන තිබුණි.

මේ වන විට ඔහු වැඩතහනමට ලක්ව සිටියි.

සැකකරුවන් තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබුණි.

මෙම සැකකාර විදුහල්පතිවරයාට ඔහු සේවය කරන පාසලට ඇතුළුවීමට මෙන්ම අනුමැතියකින් තොරව විදෙස් ගතවීමට තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු ඇති අතර සැකකරුගේ බිරිද පෑලියගොඩ ජාතික ජනබලවේග නගර සභා මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරමින් සිටියාය.

මෙම සිද්ධියෙන් පසු ඇයද සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top