නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පෙරවරු 7:30 සිට පස්වරු 2:00 දක්වා පාසල් පැවැත්වීමට ගෙන ඇති තීරණයට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය ද සිය විරෝධය පළ කර තිබේ.
ලංකා ගුරු සේවා සංගමයේ මෙයට පෙර ලේකම් ධුරය දරනු ලැබුවේ වත්මන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ විසිනි.
කෙසේ වෙතත්, එම සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරන්නේ, දරුවාගේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ උදෑසන 7:00 සිට සවස 1:30 දක්වා කාල සීමාව තුළ බවයි. පාසල් වේලාව දීර්ඝ කිරීමට විරුද්ධ මෙම ස්ථාවරය ගෙන ඇත්තේ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධව විද්‍යාත්මක පදනමක පිහිටා බවද එම සංගමය අවධාරණය කරයි.





