ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ.
ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිතත්වයෙන් එම කමිටුව පත්කර තිබුණු අතර ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවෙන් සලකා බලා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවේ වගකීම විය.
නව පනත ගෝලීය ත්‍රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණදිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර අන්තර් ජාතික වශයෙන් පිළිගන්නා මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කර ඇති මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් කඩ නොවන අකාරයේ පනතක් විය යුතු බවයි ඒ සම්බන්ධයෙන් හර්ෂණ නානයක්කාර අමාත්‍යවරයා අවධාරණය කර තිබුණේ.
ඒ අනුව නව පනත සකස් කරගැනීම වෙනුවෙන් මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් මෙන්ම අන්තර් ජාතික ආයතන හා ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගෙන තිබේ.





