/ Jan 24, 2026

ආණ්ඩුව පෙරළන්න කතා කළාට කියන්නං කියපු නීති උපාධිය ගැන කියන්න නාමල්ට අමතක වුණාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධියේ නීත්‍යානුකූලභාවය පිළිබඳ සමාජ අවධානය යළිත් වරක් යොමුව තිබෙන අතර ඊයේ (21) පැවති විපක්ෂයේ මහා ජන හඬ රැළියේදී ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන බව පැවසුවද ඒ සම්බන්ධයෙන් ඔහු කිසිවක් පැවසුවේ නැත.

විටින් විට මතුවන මෙම ප්‍රශ්න සහගත කාරණය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට නීති විද්‍යාලයේදී විශේෂ සැලකිලි ලැබුණු බවත්, පෞද්ගලික කාමරයකට වී එම විභාගයට ඔහු පෙනී සිටි බවත් විවිධ චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, මේ වන විට නවතම සොයා බැලීමකින් හෙළිව ඇත්තේ නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අවම සුදුසුකම්වත් ඔහු සපුරා නොතිබී ඇති බවයි.

ඒ අනුව පසුගියදා පාර්ලිමේන්තුවේදීද අමාත්‍ය නලින්ද ජයතිස මහතා පැවසුවේ වහාම මෙහි සත්‍ය අසත්‍ය බව ගැන ප්‍රකාශ විය යුතු බවයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබුණේ 21 විපක්ෂයේ රැළියේදී ඒ ගැන පැහැදිලි කරන බවයි.

ආණ්ඩුව බලයට පත් වී සති කිහිපයක් තුළ අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර තම උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අනුමැතිය ලබාගෙන ඇති නමුත් මෙතෙක් අධිකරණයට කිසිවක් වාර්තා කර නැති බවත්, වෙබ් අඩවිවලින් මඩ ප්‍රචාරය කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ඊයේ දිනයේදී ඔහු ඒ සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ නොකළ නමුත් තමන් ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළාදැමීම සඳහා බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේය.

”කුඩු අල්ලන්න එපා කියලා අපි කියන්නෙ නෑ. කුඩු අල්ලන්න. වරායෙන් පන්නපු කන්රේනර්වල කුඩු ටිකත් අල්ලන්න. ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධකරුවො ආරක්ෂා කරන ගමන්, තමන්ගෙ පක්ෂයේ කට්ටිය අහුවෙනකොට මොකක්ද ආණ්ඩුව අනිත් පැත්තට කරන්නෙ ? තමන්ගෙ සංවිධානයෙ අහ, විදුහල්පති පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණලා අහුවෙනකොට මොකක්ද ආණ්ඩුව කරන්නෙ ? ඒක මාධ්‍යයට දාන්න තහනම් කරලා නියෝගයක් දෙනවා. ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ඒ සංවිධානාත්මක අපරාධකරුවන් හරහා මේ රටේ විපක්ෂය මර්දනය කරන්නත් ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නෙ ඔය සෙල්ලම් හරියන්නෙ නෑ, ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න අපට කොන්දක් තියෙනවා කියලා මතක් කරලා දෙනවා අපි. බොරුව නවත්තලා කරුණාකරලා වැඩකරන්න පටන් ගන්න. ගරු ජනාධිපතිතුමනි, නැවක් හදන්නෙ නැංගුරම් දාලා වරායේ නවත්තලා තියන්න නෙවෙයි. අපි ජනබලය ජනමතය ගොඩනඟන්නේ ආණ්ඩුව පුළුවන් පළවෙනි අවස්ථාවේදීම පෙරළන්නයි කියන එකත් අපි ජනාධිපතිතුමාට මතක් කරනවා” යනුවෙන් ඔහු තවදුරටත් එහිදී සඳහන් කරන ලදී.

සබැඳි පුවත්:නාමල්ට නීති විද්‍යාලයට යෑමේ මූලික සුදුසුකම්වත් තිබී නෑ : ෆයිල් උඩට ඇදේ!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top