/ Dec 06, 2025

අද සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවීමේ අවස්ථාව!

පොදු ප්‍රවාහනයේ මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද (24) සිට ගෙවීමේ හැකියාව ලබා දී තිබේ.

ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි.

බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් යළි ලබා නොදීම ආදී ගැටලුවලට විසඳුමක් ලෙස මෙලෙස බැංකු කාඩ්පත් හරහා ගාස්තු ගෙවීමේ පහසුකම හදුන්වා දී තිබෙන අතර ඩිජිටල්කරණයේ පියවරක් ලෙස එය දක්වා තිබේ.

මෙම නව ක්‍රමවේදය පළමු අදියරේ මාර්ග 20ක පමණ එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top