/ Dec 06, 2025

ගංවතුර ආපදා:හලාවත රෝහල තාවකාලිකව වසා දමයි!

අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

රෝහල මේ වන විටත් අඩි පහකට වඩා ජලයෙන් පිරී ඇති අතර මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත පිටත් කර යවා ඇත. අනෙක් රෝගීන් ගංවතුර මට්ටම් යම් තරමින් පහව යාමත් සමග නාවික හමුදාව හා යුධ හමුදාව මැදිහත්ව වාරියපොළ හා කුරුණෑගල රෝහල් වෙත යැවීමටද කටයුතු කර තිබේ.

රෝහලට බලපෑ ගංවතුර හේතුවෙන් සීටී ස්කෑන් යන්ත්‍රයට පවා හානි සිදුව ඇති බවත් රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන ය නොහැකි ලෙස ආපදාවට ලක්ව තිබෙන බව සඳහන්.

රෝහල නැවත යථාතත්ත්වයට පත් කිරීමෙන් අනතුරු යළි එහි කටයුතු සුපුරුදු පරිදි සිදුකරන අතර රෝහල නැවත විවෘත කරන තෙක් ප්‍රතිකාර කටයුතු සහ සායන සඳහා රෝහල වෙත පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top