අයහපත් කාලගුණය හමුවේ රට මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
ඒ අනුව ඊට බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතයි.
දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.






