/ Dec 06, 2025

ආපදාවෙන් වැහුණු පාරවල් 256න් 252ක් නැවත විවෘතයි!

ආපදා තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගමනාගමනයට බාධාවූ මාර්ග 256න් මාර්ග 252ක් මේ වන විට ගමනාගමනයට විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග වලින් ඉතා විශාල ප්‍රමාණයක් ආපදාවෙන් හානියට පත්වූ අතර මාර්ග 256ක් ස්ථාන 298ක් සම්පූර්ණ ගමනාගමනයට බාධා ඇතිවූ බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

එම මාර්ග ජලයෙන් යටවීමෙන්, පස්කදු කඩාගෙන වැටීමෙන්, ගල් පෙරලීමෙන්, ගස් වැටීමෙන් ආදී ක්‍රම මගින් අවහිර වී වූ අතර පාලම් 40ක් පමණ හානියට පත්ව තිබේ.

මෙම ව්‍යසනය වුණු අවස්ථාවේදී මහනුවර, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුරය, පුත්තලම වැනි සමහර නගර වලට යාමට කිසිදු මාර්ගයක් නොතිබූ නමුත් ඉතා කඩිනමින් මාර්ග යථාතත්ත්වයට පත්කරගැනීමට හැකි වූ බවයි කණ්ඩම්බි මහතා පැවසුවේ.

මෙම ස්ථාන 298න් මාර්ග 252ක් මේ වන විට විවෘත කරගැනීමට හැකි වීම සම්බන්ධව දිවා රාත්‍රී නොබලා වැඩ කටයුතු කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවාගේ සිට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දක්වා සියලු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත විය.

ගමනාගමනය සඳහා විවෘත කිරීමට අපේක්ෂිත ඉතිරි කොටස් කිහිපය තව දින තුනකින් පමණ සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කිරීමට මේ වන විට පැය 24 පුරාම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රාජකාරී කරමින් කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top