/ Dec 17, 2025

ආපදාව හේතුවෙන් වී වගාව සඳහා දෙන වන්දිය මෙන්න!

ආපදාවෙන් හානියට පත් මහ කන්නයේ වී වගාවන් යථා තත්වයට පත් කිරීම සඳහා අක්කරයකට රුපියල් 60,000ක වන්දි මුදලක් ලබා දෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධම්මික රණතුංග පවසයි.

ආදළ වන්දි මුදල ලබා ගැනීමට හැකි ඉක්මණින් එම අයදුම්පත්‍රය පුරවා කෘෂි පර්‍යේෂණ සහකාර නිලධාරීන්ට හෝ ළඟම පිහිටි ගොවිජන මධ්‍යස්ථානයට ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියි.

ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛ කාර්‍ය්යයක් ඉටු කරන මහ කන්නයේ වගා කටයුතු කඩිනමින් නැවත නගා සිටුවීම සඳහා අක්කරයකට රු. 60 000ක මුදලක් සහ හෙක්ටයාර් එකකට රු.150 000ක සහනාධාර මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

මෙම සහනාධාරය ලබා ගැනීම සඳහා අවශ්‍ය අයදුම් පත්‍රය ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන්, කෘෂි පර්‍යේෂණ සහකාර නිලධාරීන්ගෙන් හෝ ගොවිජන සවර්ධන දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කළ හැකියි.

මෙම ආපදාවට පෙර වී වගාවේ අවසන් අදියරයේදී ඇති වූ ආපදාවලදී සිදුවන හානි වෙනුවෙන් අක්කරයකට රු. 40 000ක මුදලක්ද, පැළ ගොයම සහිත මුල් කාලයේ ඇති වන ආපදාවලදී සිදුවන හානි වෙනුවෙන් අක්කරයකට රු. 16, 000ක මුදලක් පමණක් ලබා දුන්නද මෙවර එම සහනාධාරය වැඩි කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සඳහන් කරයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් හා ගංවතුර හේතුවෙන් දිවයින පුරා වගා භූමි හෙක්ටයාර් ලක්ෂයක පමණ ප්‍රමාණය හානි වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top