රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාද රෝහල්ගතව රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටින අතර හිටපු ජනාධිපතිවරයා ඔහුගේ ලේකම්වරයෙකු විසින් අදාළ ලිපිය පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා මාර්ගයෙන් නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති බව වාර්තා වෙයි.
අදාළ ලිපිය මගින් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ කවුරුන් කුමක් කීවද අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කාන ලෙසයි.
තමන්ද දේශපාලනයට පැමිණ කෙටි කාලයක් තුළ සිරගත වීමට සිදු වූ අතර තමන්ද අධිකරණය පිළිබඳ විශ්වාසය තැබූ බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කා ඇත.
ජනතාව විසින් ජන්දයෙන් පරාද කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිහිතබාගන්නා ලෙසද රාජපක්ෂ නහතා සිය පුත්රයාව දැනුවත් කර තිබේ.
එම ලිපිය,
ආදරණීය නාමල්!
ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.
මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.
දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.
මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්රමයයි. සම්ප්රදායයි.
මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.
ඔබට තෙරුවන් සරණයි!”





