/ Dec 17, 2025

පූර්ණ නිවාස හානි වෙනුවෙන් වන්දිය නිශ්චිත වෙද්දී අර්ධ හානි වලට මොකද වෙන්නේ? රජයේ තීරණය මෙන්න!

සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක දීමනාව ලබාදෙන විය අර්ධ නිවාස හානි සම්බන්ධයෙන් එම හානියේ තක්සේරුව අනුව රු. ලක්ෂ 25ක උපරිමයකට යටත්ව වන්දි මුදල තීරණ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන් දැනුවත් කළේය.

ඒ, ඊයේ (08) පවතී බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය.

ඒ අනුව අර්ධ නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 10,15,20,25 වැනි ආකාරයට කාණ්ඩ කර හානියේ ප්‍රමාණය අනුව එම මුදල දිය හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙය නිවැරදි ලෙස ක්‍රියාත්මක විය යුතු අතර කුමන තැනකින් හෝ නිසි ක්‍රමවේදයෙන් බැහැර වුවහොත් එහි සීමාවක් නොමතිවනු ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

අර්ධ නිවාස හානි වලදී නිවසේ ප්‍රමාණය සලකා තීරණ නොගන්නා ලෙසත් සියලු දෙන රටේ පුරවැසියන් සේ සලකා ස්ථාවර නිවසක් තුළ සුරක්ෂිත ජිවිතයක් ලබාදීම වගකීම ලෙස ගනිමින් කටයුතු කරන ලෙසයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් නිලධාරීන් වෙත උපදෙස් දුන්නේ.

ආධාර, වන්දි ලබාදීමේදී විශාල ගැටළු මතුවූ ඉතිහාසයක් පවතින හෙයින් මේ අවස්ථාවේ සාධාරණව ක්‍රියා කරමින් හිමිකම් සහිත තැනැත්තා වෙත වන්දිය ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top