/ Feb 14, 2026

නිස්කාරණේ ගොවියෙකුට තඩි බාලා : ලක්ෂ 9ක් වන්දි ගෙවන්නැයි ඕඅයිසී ඇතුළු පිරිසට නියෝග!

යතුරුපැදියකින් සිය ගොවිපල කරා ගමන් කරමින් සිටි විවාහක දෙදරු පියෙකු වන ගොවියෙකුට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ නොච්චියාගම පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පස් දෙනෙකු වරදකරුවන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබීය.

නොච්චියාගම පදිංචි ටී.එම්. ලක්ෂ්මන් තෙන්නකෝන් නම් අයෙකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ විනිසුරු මඬුල්ල මෙම තීන්දුව පසුගිය 10 වැනිදා ලබා දී තිබේ.

පොලිස් පරීක්ෂක ජයතිලක, පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.සී රත්නායක, පොලිස් සැරයන් රත්නායක, කොස්තාපල් අසේල සහ බණ්ඩාර යන අයට වන්දි ගෙවන ලෙසයි නියෝග කර ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top