අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 614ක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයින් 27953ක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
වරෙන්තුකරුවන් 270ක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුවම පුද්ගලයින් 20ක් හදුනා ගෙන ඇත.
එමෙන්ම බීමත් රියදුරන් 22ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම්වලට අදාළව තවත් 11ක් අත්අඩංගුවට ගෙන තිබේ.





