/ Dec 30, 2025

රටෙන් තුනෙන් එකක පමණ කොටසක නායයෑම් සිදුවිය හැකි බව හඳුනාගෙන!

මෙරට සමස්ත භූමියෙන් 30%ක පමණ කොටසක නාය යෑම් සිදුවන බව හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. එය දිස්ත්‍රික්ක 14ක පමණ ප්‍රමාණයක පැතිරී තිබේ.

අද (12) පැවැති පුවත් සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මේ බව කියා සිටියේ ය.

උක්ත භූමි ප්‍රදේශයෙන් රටේ ජනගහණයෙන් 34%ක් පමණ වාසය කරන බව පැවසු ඔහු එම සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20000ක් පමණ වන බව පවසයි.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව නායයෑමට ලක්විය හැකි ස්ථාන පරීක්ෂා කරන්නැයි ඉල්ලීම් 2710ක් ලැබී ඇති බවත් මේ වන විට ඉන් 589ක් පරීක්ෂා කර අවසන් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.

හඳුනාගත් ස්ථානවලින් මේ වන විට 15000ක පමණ පිරිසක් ඉවත් වන ලෙස දැනුවත් කර තිබේ. වැඩි වශයෙන් අනතුරු සිදුව ඇත්තේ පස් කණ්ඩි කඩා වැටීම නිසා බැවින් ජනතාව ඒ ගැන සැලකිලිමත් විය යුතු බව ද එහිදී අනාවරණය විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top