/ Dec 30, 2025

සිඩ්නි වෙරළේදී 11කට මරු කැඳවූ වෙඩි ප්‍රහාරය : සිදු වූයේ කුමක්ද?

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බෝන්ඩි වෙරළ තීරයේ සිදුවූ සමූහ වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව 29 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

  • වෙඩි තැබීම් සිදු කළ බවට සැක කරන එක් පුද්ගලයෙකු ද මිය ගොස් ඇති අතර, දෙවන සැකකාර වෙඩික්කරුවෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
  • බලධාරීන් මෙම වෙඩි තැබීම “ත්‍රස්තවාදී” සිදුවීමක් ලෙස නම් කර ඇති අතර, එය “හනුක්කා (Hanukkah) යුදෙව් උත්සවයේ පළමු දිනයේ දී සිඩ්නිහි යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සැලසුම් කළ ප්‍රහාරයක්” බවට සඳහන් කර ඇත.

එක් අයෙකු ප්‍රහාරකයෙකු නිරායුධ කරන ආකාරය වීඩියෝවල දැක්වෙන අතර, එම පුද්ගලයා “වීරයෙකු” ලෙස නම් කර ඇති වෙළඳසැල් හිමිකරුවෙකු වන අහමඩ් අල් අහමඩ් ලෙස හඳුනාගෙන ඇත.

හනුක්කා යුදෙව් උත්සවයේ ආරම්භය සැමරීම සඳහා “Chanukah by the Sea” නමින් වූ වැඩසටහනක් සඳහා සිය ගණනක් ජනතාව වෙරළ තීරයට රැස්ව සිටියහ.

මුස්ලිම් ලෝක ලීගය (Muslim World League) “සිඩ්නි නුවර ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගේ රැස්වීමක් ඉලක්ක කර ගත් ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින” බව පවසා ඇත.

ජාත්‍යන්තර රාජ්‍ය නොවන ඉස්ලාමීය සංවිධානයක් වන ඔවුන් නිකුත් කළ ප්‍රකාශයේ, එහි මහලේකම් මොහොමඩ් බින් අබ්දුල්කරීම් අල්-ඊසා උපුටා දක්වමින් මෙසේ සඳහන් කර ඇත: මුස්ලිම් ජනතාව “ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ඒවායේ සියලු ආකාරවලින් ප්‍රතික්ෂේප කරයි”. යනුවෙන් කියා සිටී.

ප්‍රහාරකයන් මෙල්ල කළේද මුස්ලිම් ජාතිකයෙකු වීම ලෝකය පුරා කතාබහට ලක්ව තිබෙ

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මහතා ප්‍රකාශ කළේ යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට එල්ල කළ ප්‍රහාරයක් යනු සියලුම ඕස්ට්‍රේලියානුවන්ට එල්ල කළ ප්‍රහාරයක් බවත්, වෛරය සහ ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීමට ප්‍රතිඥා දෙන බවත්ය.

  • ඇල්බනීස් මහතා යුදෙව් ප්‍රජාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කළ අතර, ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව සහ ජාතික සමගිය ලබා දෙන බවට පොරොන්දු විය.
  • ඔහු පොලීසිය, ප්‍රථම ප්‍රතිචාර දක්වන්නන් සහ ක්ෂණික ක්‍රියාමාර්ග මගින් ජීවිත බේරා ගත් සිවිල් වැසියන් ද මෙහිදී ප්‍රශංසාවට ලක් කළේය.

නිව් යෝර්ක් නගරාධිපති ලෙස තේරී පත් වූ සෝහ්රාන් මම්දානි මහතා බෝන්ඩි වෙරළේ ප්‍රහාරය “දරුණු යුදෙව් විරෝධී ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හඳුන්වා ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා පවසා ඇත්තේ, ඕස්ට්‍රේලියානු රජය රට තුළ පැතිර යන යුදෙව් විරෝධී (anti-Jewish) හැඟීම් සම්බන්ධයෙන් නිහඬව සිටීම මගින් යුදෙව් විරෝධය නැමැති ගිනිදැල්වලට තෙල් වත් කළ බව තමන් විශ්වාස කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top