/ Dec 29, 2025

විගණකාධිපති පත් නොකිරීම පිටුපස ආණ්ඩුවේ වංචාවක්? මන්ත්‍රී දයාසිරිගෙන් චෝදනා

රටේ මූල්‍ය විනය පවත්වාගෙන යාමට අතිශය වැදගත් වන විගණකාධිපති ධුරය මාස අටකට අධික කාලයක් පුරා පුරප්පාඩුව පැවතීම පිටුපස රජයේ සැක සහිත වැඩපිළිවෙළක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා එම ධුරයට පත් කිරීමේ සම්ප්‍රදාය අතීතයේ සිට පැවති අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ පවා එම ස්වාධීනත්වය සුරැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

නමුත් වත්මන් රජය විසින් එම සම්ප්‍රදාය කඩ කරමින් විගණන ක්ෂේත්‍රයේ පළපුරුද්දක් නොමැති තමන්ගේ හිතවතුන් තිදෙනෙකු එම ධුරය සඳහා යෝජනා කළ නමුත් ව්‍යවස්ථාදායක සභාව විසින් එම යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පවසයි.

එමෙන්මදිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ රුපියල් බිලියන 1860ක විනාශය සහ ඉදිරි වසර සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව කළමනාකරණය කිරීමේදී ස්ථිර විගණකාධිපතිවරයෙකු නොසිටීම බරපතල ප්‍රශ්නයක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන්ගේ නිල කාලය ජනවාරි 03 වනදා අවසන් වන තෙක් රජය බලා සිටින බවත් ඉන් පසුව තමන්ට හිතවත් පිරිසක් පත් කරගෙන තම අරමුණු ඉටු කර ගැනීමට රජය සැරසෙන බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

”මම කියන්න කැමතියි මේක පත් කරගන්න බැරුවතමයි,මට ලැජ්ජයි අනුර කුමාර දිසානායක ඊයා කියලා තමයි ඇත්තටම කියන්න තියෙන්නෙ, මේ කාරණයේදි. ජනාධිපතිවරයෙක් විදිහට ඔබතුමා ලැජ්ජ වෙන්න ඕනේ.මොකද මේ විගණනය පිළිබඳව මමත් ඔබත් ඇතුළුව අපි කිහිප දෙනෙක් කෝප් කමිටුවේ අවුරුදු ගානක් වැඩ කළා. අපි දැක්කා මේ රටේ සිද්ධ වෙන හොරකම් මංකොල්ලකෑම්. දැන් තමුන්නාන්සේ හදන්නේ මේ හොරකමට මංකොල්ල කෑමට බිලියන 500ක් රුපියල් බිලියන 500ක් ලබන අවුරුද්දෙ වෙන්කරගෙන ඊළඟට බිලියන 1860ක මේ සිදු වෙච්ච විනාශයට එන සල්ලි ටික තමන්ගේ ගෝල බාලයන්ට මංකොල්ල කන්නට දෙන වැඩපිළිවෙළක් තමයි මේ අය මේ වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. ඒක හොයන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීන පුද්ගලයෙක් ඉඳීම ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එනිසා ඔබගේ හෙංචයියෙක්, මේකට දාගෙන තමන්ට කැමති විදිහට මේ රටේ විගණනය වෙනස් කරන්න තමයි මේ හදන්නේ. ඊයා ලැජ්ජයිි ජනාධිපතිතුමනි. මොකද හේතුව, අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන්, මේ රටේ හොරකම් අල්ලන්න ආපු තමුන්නාන්සේලාට, අද හොරකම් තමන්ගේ ආණ්ඩුව යටතේ ආරක්ෂා කරන්න පුළුවන් මිනිස්සු ටිකක් පත් කරගන්න. ඒ නිසා මම කියනවා කරුණාකරලා මේකට අතගාන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ ස්වාධීන කොමිෂන් සභාවලට තමුන්නාන්සේලා දිගින් දිගටම බලපෑම් කරනවා ඒක වෙලාවක පොලිස් කොමිසමට බලපෑම් කළා. දැන් විගණන කමිටුවට බලපෑම් කරනවා. ඊට පස්සේ ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කරනවා. මේ රටේ ස්වාධීන කොමිෂන් සභා සියල්ලම විනාශ කිරීමේ ක්‍රියාවලියක් තමයි ඔයාලා කරමින් ඉන්නේ” යනුවෙන් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

1 thought on “විගණකාධිපති පත් නොකිරීම පිටුපස ආණ්ඩුවේ වංචාවක්? මන්ත්‍රී දයාසිරිගෙන් චෝදනා”

  1. You want president to work in the way you want. You have no Voter base and a political part . You are a political orphan. You people are dying of jealousy of the president

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top