/ Feb 13, 2026

නත්තල ලේ විලක් කරන්න මාන බැලූ 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සඳහා ප්‍රහාර සැලසුම් කළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන 100කට අධික පිරිසක් තුර්කි බළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉස්තාන්බුල් පුරා සිදුකළ දැවැන්ත වැටලීම්වලින් පසු ගිනි අවි පතුරම් සහ සංවිධාන ලේඛන අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ආධාරකරුවන් මෙම සතියේ තුර්කිය පුරා, විශේෂයෙන් මුස්ලිම් නොවන අයට එරෙහිව ප්‍රහාර සැලසුම් කරමින් සිටි බවටයි අනාවරණය කර ගෙන ඇත්තේ.

පොලීසිය සැකකරුවන් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 22 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද එරට වාර්තා පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top