2027 අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක් විසින් අද (23) දිනයේදී සංවිධානය කර ඇති විරෝධතාවට තමන් එකතු නොවන බව අධිකරණ සේවයේ පිස්කල්වරුන්ගේ සංගමය පවසයි.
තමන්ගේ ඉල්ලීම්වලට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමා සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා සවන් දීමෙන් අනතුරුව මෙවර අයවැයෙන් දීමනාවක් ලබාදී ඇති බවත් අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් ද නිර්දේශ ලබාදී ඉදිරි කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් පැවසූ පිස්කල්වරුන්ගේ සංගමයේ සභාපති සුදත් පාලිත මහතා ඒ අනුව තම සංගමය අද කෑම පැයේ පැවැත්වීමට නියමිත විරෝධතාවන්ට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බව අවධාරණය කළේය.
එමෙන්ම ලඝුලේඛකවරුන්ගේ සංගමය ද මේ ආකාරයෙන්ම මෙම විරෝධතාවන්ට සහාය නොදීමට තීරණය කර ඇති බවත් ඒ මහතා පැවසීය.
මීට අමතරව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ පාලනය වන වෘත්තිකයින්ට මෙවැනි විරෝධාවන්ට සහභාගී වීමට නොහැකි වන ආකාරයේ තහනමක් ද පවතින බවයි.පවසයි.
තමන්ගේ ඉල්ලීම්වලට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අධිකරණ අමාත්‍යාංශ ලේකම් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් සවන් දීමෙන් අනතුරුව මෙවර අයවැයෙන් දීමනාවක් ලබාදී ඇති බවත් අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් ද නිර්දේශ ලබාදී ඉදිරි කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් පැවසූ පිස්කල්වරුන්ගේ සංගමයේ සභාපති සුදත් පාලිත මහතා ඒ අනුව තම සංගමය අද කෑම පැයේ පැවැත්වීමට නියමිත විරෝධතාවන්ට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බව අවධාරණය කළේය.
එමෙන්ම ලඝුලේඛකවරුන්ගේ සංගමය ද මේ ආකාරයෙන්ම මෙම විරෝධතාවන්ට සහාය නොදීමට තීරණය කර තිබේ.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තිය අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ පාලනය වන වෘත්තිකයින්ට මෙවැනි විරෝධාවන්ට සහභාගී වීමට නොහැකි වන ආකාරයේ තහනමක් ද පවතියි.





