/ Dec 29, 2025

ගිනි අවි නිසා හිරවෙන දේවානන්දා. තවත් ගිනි අවි 19ක් ගැන විමර්ශන!

අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත් ගිනි අවි සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔහු වෙත ලබා දී ඇති තවත් ගිනි අවි 19ක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදූෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මදුෂ් නැමැත්තා සතුව තිබී සොයාගත් එම ගිනිඅවියේ අංක පරීක්ෂා කිරීමේදී එය දේවානන්දා මහතා වෙන නිකත් කර තිබූ ගිනිඅවියක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

ගිනි අවිය අස්ථානගතවූ අකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම මත හිටපු ඇමතිවරයා අත්අඩංගුවට පත් වූ අතර පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කෙරෙමින් සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top