ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්‍රියාත්මක විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති අතර ඉරාන ජනතාව සිය උත්තරීතර නායකයාට එරෙහිව නැගී සිටින්නේ වසර ගණනාවකට පසුවය.
මෙම විරෝධතාවල අරමුණ ලෙස දැක්වෙන්නේ මේ වන විට මියගොස් සිටින හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒම බව දැක්වෙයි.
ඒ අනුව අයතුල්ලා අලි කමේනි බලයෙන් ඉවත් කර ගැනීම වෙනුවෙන් ටෙහෙරාන් අගනුවර සහ ඉරානයේ දෙවන නගරය ලෙසින් සැලකෙන මෂාඩ්හි ඊයේ (08) දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ. එම විරෝධතා විසුරුවා හැරීමට එය ආරක්ෂක හමුදා විසින් දැඩි උත්සාහයක් ගෙන තිබෙන බවද වාර්තා වෙයි.
රට පුරා පැවති විරෝධතා හේතුවෙන් මේ වන විට 34දෙනෙක් මියගොස් ඇති බවද සඳහන්. ඔවුන්ගෙන් පස් දෙනෙකු ළමුන් බව දැක්වෙන අතර තවත් 2,270ක් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ නමුත් මානව හිමිකා ක්‍රියාකාරිකයින් පවසා ඇත්තේ මෙම මරණ ගණන තවදුරටත් වැඩි බවත්ය.
විරෝධතා පාලනය කර ගැනීමට අන්තර්ජාල පහසුකම් පවා විසන්ධි අකර ඇතත් එම විරෝධතා තව දුරටත් තීව්‍ර මුහුණුවරක් ගනිමින් තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.





