/ Feb 05, 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වෙයි

wld03-9

කොවිඩ් වසංගතය සහ අනෙකුත් ගෝලීය සෞඛ්‍ය අර්බුද හැසිරවීමේදී දුර්වලතා පෙන්නුම් කිරීම හේතුවෙන් අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය සාමාජික රටවලින් එල්ල වන දේශපාලන බලපෑම් මධ්‍යයේ ස්වාධීනව කටයුතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත්වී ඇති බවත්, චීනය වැනි අනෙකුත් විශාල රටවල් විසින් සපයනු ලබන අරමුදල්වලට සමගාමීව අමෙරිකාවට අසාධාරණ ලෙස මූල්‍ය බර පටවා ඇති බවත් කියමින් නව ජනාධිපතිවරයා වොෂින්ටන් නුවරදී දිවුරුම් දීමෙන් පසු එම සංවිධානයෙන් ඉවත්වීමේ ලිපියට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය කඩිනම් ප්‍රතිචාරයක් දක්වා නැති බවද වාර්තා වේ.

අමෙරිකාව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය අනුග්‍රාහකයා වන අතර, එම සංවිධානයේ මුළු අරමුදලින් 18%කට පමණ දායකත්වය සපයනු ලැබේ. ඒ අනුව අමෙරිකාවේ තීරණය එම සංවිධානයට බරපතළ මූල්‍ය අර්බුදයකට හේතු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top