/ Feb 13, 2026

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ රජයේ බංගලා හතරක විශේෂ මහාධිකරණ පිහිටුවයි!

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ඉල්ලීම පරිදි, පසුගිය රජයේ හිටපු ඇමතිවරු සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන යන අය විසින් භාවිතා කරන ලද රජයේ බංගලා හතරක් විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහා ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කර තිබේ.

දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට පැවරී ඇති වගකීම වන නඩු කටයුතු ඉක්මන් කිරීම සදහා මෙම විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීමට නියමිතයි.
මෙම ඇමති බන්ගලා හතර විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහා ලබා දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණද, මේ වන විට නිල වශයෙන් එම කටයුත්ත අවසන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top