පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් (Oxford Union) දේශනය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
ඔක්ස්ෆර්ඩ් සිසුන් පිරිසකගෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය මත එම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේවනවිට එංගලන්තයට ගොස් සිටින නාමල් රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමතීමට නියමිතව තිබුණි.
මීට පෙර, නාමල් රාජපක්ෂ, කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය (Cambridge Union) ඇමතීමට නියමිතව තිබුණු අතර, මතු වූ විරෝධතා හේතුවෙන් එයද අවලංගු කිරීමට කටයුතු කර තිබුණි.





