2023 වසරේදී දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිද්ධියෙන් පසුව ඔහු විදේශගත වී ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දිවයිනට පැමිණි අවස්ථාවේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
2023 වසරේ දෙසැම්බර් 31වනදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි විය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට ද චෝදනා එල්ල වී තිබුණි.





