හිටපු අමාත්‍යවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේ එම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් නියමිත පරිදි තෝරාගත් සමාගම ඉවත් කර තම හිතවත් අයෙකුට දී රුපියල් ලක්ෂ 74ක පාඩුවක් සිදු කිරීම ය.






