පසුගිය පෙබරවාරි මාසයේදී සේම මාර්තු මාසයට අදාළවද ගෘහස්ත ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ඒ අනුව ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690 ක් ලෙස පවතින අතර, කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482 ක්ද, කිලෝග්‍රෑම් 2යි දශම 3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694 ක් ලෙසද පවතියි.
එමෙන්ම මාර්තු මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 38000 ක් ඇණවුම් කර ඇති බවත් ඉන් මේ වන විට ගෑස් මෙට්‍රික් ටොන් 7 800 ක් මෙරටට ළඟා වී අති බවත් එම සමාගම දැනුම් දෙයි.





