/ Apr 09, 2026

පොහොර සහනාධාරය ගැන අද ජනපතිගෙන් යළි සහතිකයක්!

ගොවීන්ට ලබා දෙන දෙන පොහොර සහනාධාරය ගැන අද (09) ජාතික අලුත් සහල් මගල්‍යයේදී ජනපති අනුර කුමාර දිසානායක යළි සහතික විය.

කාබනික සහ රසායනික සම්මිශ්‍රණය තුළින් කෘෂිකර්මාන්තයට වඩාත් වැඩි ඵලදායිතාවයක් ලබාදෙන බවද පැවසු ජනාධිපතිවරයා, ඒ තුළින් වගා භූමියේ අස්වැන්න වැඩි කිරීමට එය පිටුවහලක් වන බව පැවසීය.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ යුරියා මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ ගියද යල කන්නය සඳහා රු 10,200ක උපරිමයකට යටත්ව පොහොර ලබාදෙන්න තීරණය කළ බවයු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙරටට අලුතින් පැමිණි නැවේ පොහොර මිටියක් රු 14,000ක් – 15,000ක් බවද පැවසූ ජනාධිපතිවරයා, එම වියදම ආණ්ඩුව විසින් දරාගෙන ‌ගොවි ජනතාව වෙනුවෙන් මෙම පොහොර සහනාධාරය ලබාදෙන බව පැවසීය.

මේ අතර පොහොර සහනාධාරය 5,000කින් සහ එලවළු වගාවට ලබාදෙන සහනාධාරය රු 3,000කින් වැඩි කිරීමට ද රජය තීරණය කර තිබේ.

එමෙන්ම ගම්මාන මට්ටමින් අලුත් පරම්පරාව වෙනුවෙන් නව තාක්ෂණික ක්‍රමවේද කෘෂිකර්මානය උදෙසා යොදා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන බවද ජනාධිපතිවරයා කියාසිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top