රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තොරතුරු අනාවරණය කරයි.
පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති අතර සිය ලාංඡනය යොදාගෙන වංචනික දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.
ඊට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ලාංඡනය ද යොදාගනිමින් පසුගිය දිනවල මෙවැනිම ආකාරයේ රැකියා පුරප්පාඩු පිළිබඳ දැන්වීම් පළ වී ඇතැයි ද සඳහන්.
මේ ආකාරයට රාජ්‍ය ලාංඡන යොදාගෙන පළ වන ව්‍යාජ දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීම නුසුදුසු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට දැනුම් දෙයි.