/ Mar 25, 2025

GMOA නැවත කරළියට: අය-වැයට යෝජනා දෙයි!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අය-වැය වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍යවරුන් රට හැර යෑම වැළැක්වීමත් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමත් මෙම යෝජනාවල ප්‍රධාන අරමුණ බව ඔවුන් සඳහන් කරති.

මේ වන විට 2000ක් පමණ වෛද්‍යවරුන් පිරිසක් රට හැර ගොස් ඇති බවත් තවත් 5000ක් පමණ රට හැර යාමේ සූදානමක් ඇති බවත් පවසන සංගමය මෙම තත්වය අඛණ්ඩව පැවතුණහොත් සෞඛ්‍ය සේවාව බිඳ වැටෙනු ඇතැයි ද කියා සිටිති.

යෝජනා අතර,

සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ට සුදුසුකම්, කාර්ය සාධනය සහ වෙළෙඳපොල වටිනාකම අනුව සුවිශේෂී වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම

බාධා කිරීමේ, සහ රැඳී සිටීමේ දීමනාව යාවත්කාලීන කිරීම

ප්‍රවාහන පහසුකම් අන්තර්ග්‍රහණය

විදෙස් පුහුණුවේදී ලබාදෙන ජීවන වියදම් දීමනාව යාවත්කාලීන කිරීම

සීමාවාසික දීමනාව ඉහළ දැමීම

තීරු බදු වාහන බලපත් සහනය

බදු සීමාව සංශෝධනය

විදේශයන්හි සේවයට විශේෂ නිවාඩු ක්‍රමයක් හඳුන්වාදීම

ආදී යෝජනා රැසක් උක්ත යෝජනාවලියේ අඩංගු වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top