ඉදිරි දිනවලදී විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර තිබේ.
ඒ අනුව ඊට අදාළ කාලසටහනක් අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර කලාප වශයෙන් වේලාවන් වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි පැවසෙන්නේ.
නොරොච්චල ගල් අඟුරු බලාගාරයේ බිඳවැටීම මත ඊයේ (09) දිනයේ රට පුරා සිදු වූ විදුලිය බිද වැටීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
කෙසේ වෙතත් එම බලාගාරයේ ජනන යන්ත්‍ර යළි පද්ධතියට එක් කරනතුරු මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බව සඳහන්.