රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සර්වජන පක්ෂය සතු බව එම පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවැත්වූ කැක්කුම ශ්‍රී ලංකා නම් වැඩසටහනේදී ඔහු මේ බව කියා සිටියේ ය.
මේ මොහොතේ ඩොලරය ඉහළ යන්නේ, ගල්ෆ් යුද්ධය නිසා නොවන බවත් ඩොලර්වලින් ගෙවා රුපියල්වලින් බදු අයකරගෙන ප්‍රාථමික ගිනුමේ රුපියල් ට්‍රිලයන දෙකක් ඇති බවට පාරම් බාන විට සියලු දෙනා මෙය දැනගත යුතුව තිබු බව හෙතෙම පෙන්වා දුන්නේ ය.
ආණ්ඩුවට වසර 5ක් සිටිය හැකි බවත් රටට සුගතියක් නැති බවත් කී දිලිත් ජයවීර මේ අර්බුදයේදී තමන් මේ මොහොතේ ජනපති ධුරයට බාර දුන්නද එය කරන බව කියා සිටියේ ය.






